covid ops

07

සෞභාග්‍යමත් රටක ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වෙන පවුලක්, විනය ගරුක සමාජයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව බියෙන් සැකෙන් තොර සමාජයක් උදෙසා, ප්‍රජා පොලිස්කරණය නවීකරණය කොට ස්ථාපිත කිරීමේ කාර්යය ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ මේ වන විට ආරම්භ කර ඇත. ඒ අනුව ප්‍රජා පොලිස් සේවා ඒකක ස්ථාපනය කිරීමේ මහනුවර පොලිස් කොට්ඨාසයේ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය 2021.10.15 වන දින පෙරවරුවේ දී කටුගස්තොට පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන ආරක්ෂක ගරු අමාත්‍ය රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මැතිතුමා හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ මගින් මහනුවර පොලිස් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 794 ක ස්ථාපිත මහජන ආරක්ෂක කමිටු නියෝජනය කෙරෙන ප්‍රජා ඒකක 404 ක් ආවරණය කිරීමට අපේක්ෂිතය.

3සෞභාග්‍යමත් රටක ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වෙන පවුලක්, විනය ගරුක සමාජයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව බියෙන් සැකෙන් තොර සමාජයක් උදෙසා, ප්‍රජා පොලිස්කරණය තුලින් ප්‍රජා පොලිස් සේවා ඒකක ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතිය කොළඹ දකුණ පොලිස් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 307 ම ආවරණය වන පරිදි සමාරම්භක උත්සවය 2021.10.14 වන අද දින පෙරවරුවේ දී මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේදී මහජන ආරක්ෂක ගරු අමාත්‍ය රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

01 1ශ්‍රී ලංකා පොලිසිය මඟින් මහජනතාව වෙත ලබාදෙනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණ ඇතිව අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යතාර්ථයක් බවට පත් කරමින් ඉදිකරන ලද අනුරාධපුර කොට්ඨාසයේ ගාලදිවුල්වැව නව පොලිස් ස්ථානය විවෘත කිරීම 2021 ඔක්තෝබර් 10 වන දින උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

Dඅතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට සමගාමීව ඉදිකරන ලද අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ කොකාවැව නව පොලිස් ස්ථානය අභිනවයෙන් විවෘත කිරීම උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ඔක්තෝම්බර් මස 05 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

01අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට සමගාමීව ඉදිකරන ලද බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ කැප්පෙටිපොල නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එෆ්.යූ. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ඔක්තෝම්බර් 05 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

2ලෝක ළමා දිනය නිමිත්තෙන් ළමුන් ද්විතියික වින්දිත භාවයට පත්වීම වැළැක්වීමේ අරමුණ පෙරදැරිව දරුවන්ට සුරක්ෂිත අනාගතයකට නීතිමය තාක්ෂණික සත්කාරයක් උදෙසා ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් රාගම පොලිස් ස්ථාන භූමියේ පිහිටා ඇති ළමා පියසෙහි ස්ථාපිත ළමා වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ බස්නාහිර පළාත් ඒකකය විවෘත කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ගරු රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

02ශ්‍රී ලංකා පොලිසිය වෙත Ideal Motors ආයතනය විසින් Mahindra Mojo වර්ගයේ යතුරුපැදි 02ක් ප්‍රධානය කිරීම 2021.09.30 වන දින පොලිස් මූලස්ථානයේදී සිදු කරන ලදී.

1අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදය අවම කිරිම සදහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත සම්බන්ධ කරමින් කොම්පඤ්ඤවීදියේ දුම්රිය මාර්ගය සහ බේරේ වැවට ඉහලින් ඉදිකරනු ලබන ගුවන් පාලම වෙනුවෙන් කොම්පඤ්ඤවීදියේ පොලිස් ස්ථානයේ නිල නිවාස 42 ක් ඉවත් කරනු ලැබීය.

02අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට සමගාමීව ඉදිකරන ලද බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ බල්ලකෙටුව නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.ජී. අපොන්සු මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 සැප්තැම්බර් 23 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444