covid ops

තිසාවැවේ ගිලිණු යුවළක් පොලිස් ජීවිතාරක්‍ෂක නිලධාරින් බේරා ගනි.

2018 අගෝස්තු 11 වන දින රුවන්වැලිසෑය අබියස මහා අධිෂ්ඨාන පූජාව පැවතුණු අතර බැතිමතුන් විශාල වශයෙන් ඒ සදහා සහභාගි වි ඇත. ඔවුන් දිය නෑම සදහා තිසාවැව ආදි ජලාශ පරිහරණය කළහ.

 

එදින පිලිමතලාව, වට්ටප්පොල, වලගෙදර, අංක 131 බී ලිපිනයේ පදිංචි ශාන්ත වික්‍රමසිංහ හා දුෂ්මන්තා නයනා කුමාරි යන අඹුසැමි යුවළ තිසාවැව ජීවිතාරක්‍ෂක මුරපොල ඉදිරිපිට ඇති තොටුපලේ දිය නාමින් සිට කාන්තාව නැවත ගොඩට පැමිණිමේදි මඩ සහිත අඩි 10 ක් පමණ ගැඹුරු වළකට වැටි ඇති අතර ඇය බේරා ගැනිමට ඇගේ ස්වාමිපුරුෂයාද ගොස් ඇත. දෙදෙනාම දිය අනතුරට පත් වි ඇති අවස්ථාවේදි, එම ස්ථානයේ ජීවිතාරක්‍ෂක රාජකාරි යෙදි සිටි පොලිස් කොස්තාපල් 49898 තිලකරත්න හා පොලිස් කොස්තාපල් 72549 සම්පත් යන නිලධාරින් දෙදෙනා මහත් පරිශ්‍රමයක් දරා මෙම අඹු සැමි යුවළ බේරාගෙන ගොඩබිමට රැගෙනවිත් මූලික ප්‍රථාමාධාර ලබාදිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහල වෙත යොමු කර ඇත.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444