covid ops

ශ්‍රී ලංකා පොලිසිය වෙත බෙදාදීමට නියමිත නව ත්‍රීරෝද රථ අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ශ්‍රි ලංකා පොලිසියේ කාර්යක්ෂමව රාජකාරි ඉ‌ටු කර ගැනීමට සෑම පොලිස් ස්ථානයක් සඳහාම ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය අරමුණු කර ගනිමින් නව ත්‍රීරෝද රථ 2000 ක් දිවයිනේ පොලිස් ස්ථාන වෙත ලබා දීමේ වැඩ පිළිවෙලට අනුව 2021.07.01 වන අද දින උදෑසන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේදී, පොලිස් ස්ථාන 10 ක් වෙත සංකේතාත්මකව නව ත්‍රිරෝද රථ 10 ක් බෙදා දීම සිදු කරන ලදි.

මෙම ත්‍රීරෝද රථ පොලිස් ස්ථානයන්හි අපරාධ වැළැක්වීම හා විමර්ශන කටයුතු, විවිධ පැමිණිලි විභාග කිරීම, 119 හදිසි ඇමතුම් සඳහා යෙදවීම, ළමා හා කාන්තා කාර්යාංශ හා දූෂණ මර්දන අංශයන්හි රාජකාරි මෙන්ම විශේෂයෙන්ම පොලිසිය හා මහජනතාව අතර ඇති සම්බන්ධතාවය වැඩිදියුණු කර ගනිමින් ප්‍රජා පොලිස් සංකල්පය වඩාත් ශක්තිමත් කර ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම ත්‍රිරෝධ රථ ලබා දීම ප්‍රධානතම අරමුණක් වේ.

පොලිස් ස්ථානයන් වෙත ‌බෙදා දීමට නියමිත අනෙකුත් ත්‍රීරෝද රථ ගරු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික ) ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා විසින් ගාලුමුවදොර පිටියේදී නිරීක්ෂණය කරනු ලැබූ අතර, මෙම අවස්ථාවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා, බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, සහයක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර මහතා ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගී විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444