covid ops

සීතාවකපුර කොට්ඨාසයේ නූරිය නව පොලිස් ස්ථානය විවෘත කෙරේ.

ශ්‍රී ලංකා පොලීසිය මඟින් මහජනතාව වෙත සැපයෙන සේවාවන් කාර්යක්ෂම සහ ඵලදායි ලෙස ඉටු කිරීම සහ මහජනතාවට අපරාධ පිළිබඳ බියකින් තොරව තම දෛනික කටයුතු සිදුකර ගැනීමට පහසුකම් සැලසීම යන අතිගරු ජනාධිපතිතමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ සීතාවකපුර පොලිස් කොට්ඨාසයේ නූරිය  නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම සබරගමුව පළාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021 ජුනි මස 29 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

රටේ පවත්නා කොවීඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව පැවති මෙම උත්සවය ඉතා චාම් ලෙස පැවැත්වුණි. නූරිය පොලිස් වසමට ග්‍රාමසේවා වසම් 06 ක් අයත් වන අතර එහි 9780 කට අධික ජනතාවක් පදිංචිව සිටී. මෙම පොලිස් ස්ථානය ආරම්භ කිරීමට ප්‍රථම එහි පදිංචි ජනතාව ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා ගනු ලැබුවේ දැරණියගල පොලිස් ස්ථානයෙනි. නමුත් මෙම පොලිස් ස්ථානය ඉදිකිරීම තුලින් එම ජනතාවට ඔවුන්ගේ අවශ්‍යතාවයන් කඩිනමින් සහ කාර්යක්ෂමව ඉතාමත් කෙටි කාලසීමාවක් තුල ඉටු කර ගැනීමට හැකියාව ලැබේ.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, සීතාවකපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444