covid ops

Ideal Motors ආයතනය විසින් ලක්ෂ 24 ක් වටිනා යතුරුපැදි 02 ක් ශ්‍රී ලංකා පොලිසිය වෙත ප්‍රධානය කිරීම.

ශ්‍රී ලංකා පොලිසිය වෙත Ideal Motors ආයතනය විසින් Mahindra Mojo වර්ගයේ යතුරුපැදි 02ක් ප්‍රධානය කිරීම 2021.09.30 වන දින පොලිස් මූලස්ථානයේදී සිදු කරන ලදී.

මෙහිදී Ideal Motors සමූහ ව්‍යාපාරයේ සභාපති නලීන් වෙල්ගම මහතා විසින් මෙම යතුරුපැදි 02 නිල වශයෙන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත භාර දෙන ලදී.

අඛණ්ඩව වසර 12කට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකා පොලිසිය සමඟ සම්බන්ධ වෙමින් පොලිසිය සතු වාහන සඳහා අලෙවියෙන් පසු සේවා සැපයීම, වාහන නඩත්තුව විශ්වාසනීයත්වයෙන් යුතුව සිදු කිරීම නිසාත් Ideal Motors සමාගම ශ්‍රී ලංකා පොලිසිය සමඟ ඇති එම සබඳතාවය තවදුරටත් තහවුරු කරමින් සේවයේ අවශ්‍යතාවය හඳුනාගෙන මෙම වටිනා ප්‍රධානය සිදු කර ඇත.

ස්මාර්ට් මොබිලිටි සංකල්පයට අනුකූල ලෙස නිපදවන ලද ලක්ෂ 24 පමණ වටිනාකමින් යුතු Mahindra Mojo වර්ගයේ මෙම යතුරුපැදි දෙක 300cc එන්ජින් ධාරිතාවයක් සහිත වන අතර විශේෂයෙන් පෙර ගමන් රථ හා රථවාහන රාජකාරි සඳහා යෙදවීමට හැකි පරිදි නිර්මාණය කර ඇත.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා ප්‍රියන්ත වීරසූරිය මහතා Ideal Motors සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ චමින්ද වනිගරත්න මහතා, අලෙවි ප්‍රධානී ඩිල්ෂාන් තෙන්නකෝන් යන මහත්වරුන් සහභාගී වූ අතර, උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444