covid ops

අනුරාධපුර කොට්ඨාසයේ ගාලදිවුල්වැව නව පොලිස් ස්ථානය අභිනවයෙන් විවෘත කෙරේ.

ශ්‍රී ලංකා පොලිසිය මඟින් මහජනතාව වෙත ලබාදෙනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණ ඇතිව අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යතාර්ථයක් බවට පත් කරමින් ඉදිකරන ලද අනුරාධපුර කොට්ඨාසයේ ගාලදිවුල්වැව නව පොලිස් ස්ථානය විවෘත කිරීම 2021 ඔක්තෝබර් 10 වන දින උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

රටේ පවත්නා කොවිඩ් වසංගත රෝගී තත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව ඉතා චාම්ව සංවිධානය කර තිබූ මෙම උත්සවය ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් පැවැත්විණි. ගාලදිවුල්වැව නව පොලිස් ස්ථානයට ග්‍රාමසේවා වසම් 11 ක් අයත් වන අතර, මෙම පොලිස් ස්ථානය ආරම්භ කිරීමට ප්‍රථම එම සියලු ග්‍රාමසේවා වසම් නොච්චියාගම පොලිස් ස්ථාන මඟින් පාලනය විය. මෙම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්වීම තුලින් පොලිස් වසමේ පදිංචි 18700 කට අධික ජනතාවට ශ්‍රී ලංකා පොලිසිය මඟින් ලබාදෙන සේවාවන් වඩා කාර්යක්ෂම හා ඵලදායී ලෙස ලබාගැනීමට මෙන්ම අපරාධ පිළිබඳ බියකින් තොරව තම දෛනික කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව උදාවේ.


නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට උතුරු මැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එල්. ගීගනගේ, තඹුත්තේගම වැඩබලන සහකාර පොලිස් අධිකාරි ඒ.එස්.එච්. පෙරේරා යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444