covid ops

2021.11.21 වන දින දහවල් කාලයේදී ගල්කිස්ස පොලිස් වසමේ ගල්කිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටි මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසකගෙන් වයස අවුරුදු 16 ක තරුණයින් දෙදෙනෙකු එක්වරම දිය වැලකට හසු වී ගසා ගෙන ගොස් දියේ ගිලී ඇත. එම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්  ඉතා වෙහෙසක් දරා දිය වැල දිගේ පිහිනා ගොස් ජීවිතාරක්ෂක උපකරණ මඟින් අනතුරට පත් තරුණයින් දෙදෙනා ගොඩට රැගෙන විත් ප්‍රථමාධාර ලබා දී ජීවිත බේරාගෙන ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යංශය විසින් කාන්තා පිහිට ආයතනයේද සහාය ඇතිව 2021 නොවැම්බර් 17 වන දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන අපරාධ විමර්ශනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දිවයිනේ සියළුම පොලිස් කොට්ඨාස වල ළමා හා කාන්තා කාර්යංශ ස්ථානාධිපතිවරියන් සඳහා පවත්වන ලදී.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට අනුව ඉදි කරන ලද සීතාවකපුර කොට්ඨාසයේ ගලපිටමඩ නව පොලිස් ස්ථානය 2021 නොවැම්බර් 14 වන දින පෙරවරුවේ යෙදුණ සුභ මොහොතින් විවෘත කෙරිණ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට අනුව ඉදිකරන ලද අනුරාධපුර කොට්ඨාසයේ ප්‍රියංකරගම නව පොලිස් ස්ථානය 2021 නොවැම්බර් 10 වන දින පෙරවරුවේ යෙදුණ සුභ මොහොතින් විවෘත කෙරිණි.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට සමගාමීව ඉදිකරන ලද අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ මරදන්කඩවල නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 නොවැම්බර් 08 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

ප්‍රජා පොලිස් කොට්ඨාසය මඟින් පවත්වාගෙන යනු ලබන කොළඹ 08, ගෝතමී පාර පිහිටි ලක්විදු පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සහ දරු දැරියන් වෙත පාසල් උපකරණ කට්ටල ලබාදීමේ උත්සවයක් ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 නොවැම්බර් 11 වන දින පෙරවරු 0900 ට පෙර පාසල් භූමියේදී පැවැත්විණි.

03 2ශ්‍රි ලංකා පොලිසිය හා ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධව ප්‍රථම වතාවට සංවිධානය කරනු ලැබූ වොරියර් කුසලාන සත් සාමාජික රගර් තරඟාවලිය 2021.10.30 හා 2021.10.31 වන දිනයන් වලදී බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.

අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාගයේ දැක්ම” සංකල්පයට අනුව ශ්‍රී ලංකා පොලිසියේ බස්නාහිර පළාතෙහි පිහිටවනු ලැබූ 10 වන පොලිස් ස්ථානය ලෙස නුගේගොඩ කොට්ඨාසයට අයත් මාලඹේ පොලිස් ස්ථානය 2021.11.01 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් විවෘත කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට සමගාමීව ඉදිකරන ලද බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයේ ලියන්ගහවෙල නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.ජී. අපොන්සු මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ඔක්තෝම්බර් 29 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444