covid ops

01බදුල්ල පොලිස් කොට්ඨාසයේ නමුණුකුල නව පොලිස් ස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ නව පොලිස් ස්ථානයක් ලෙස ජනතා අයිතියට පත් කිරීම බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.ජී. අපොන්සු මහතාගේ සහභාගිත්වයෙන් 2021 ජූලි 30 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී

01අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ නව පොලිස් ස්ථානයක් ලෙස ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහනට සමගාමිව තංගල්ල පොලිස් කොට්ඨාසයේ මත්තල නව පොලිස් ස්ථානය දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී. රාජිත ශ්‍රී දමින්ද මහතාගේ සහභාගිත්වයෙන් 2021 ජූලි 30 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.

2අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ ශ්‍රී ලංකා පොලිසිය මඟින් මහජනතාව වෙත ලබා දෙන සේවාවන් පුළුල් කිරීමේ අරමුණින් ඉදිකරන ලද නාගොල්ලාගම පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්කිරීම වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි 28 වන දින පෙරවරුවේ යෙදුණ සුභ මොහොතින් සිදු කරන ලදී.

2ශ්‍රී ලංකා පොලිසිය මඟින් මහජනතාව වෙත ලබා දෙන සේවාවන් පුළුල් කිරීමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ ඉදිකරන ලද මොරගොල්ලාගම පොලිස් ස්ථානය ජනතා අයිතියට පත්කිරීම වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි 28 වන දින පෙරවරුවේ යෙදුණ සුභ මොහොතින් සිදු කරන ලදී.

අනුරාධපුර කොට්ඨාසයේ දිවුල්වැව නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කෙරේ. ශ්‍රී ලංකා පොලිසිය මඟින් මහජනතාව වෙත සැපයෙන සේවාවන් කාර්යක්‍ෂම සහ ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා සහ මහජනතාවට අපරාධ පිළිබඳ බියකින් සහ සැකයකින් තොරව තම දෛනික කටයුතු ඉටු කර ගැනීමට පහසුකම් සැපයීම යන අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යතාර්ථයක් බවට පත් කරමින් අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ දිවුල්වැව නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2021 ජූලි 28 දින සිදු කරන ලදී.

1මහනුවර පොලිස් කොට්ඨාසයේ පොත්තපිටිය පොලිස් ස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ නව පොලිස් ස්ථානයක් ලෙස ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන හා ප්‍රජා පොලිස්කරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් 2021 ජූලි 26 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු විය.

02අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ දිවයින පුරා නව පොලිස් ස්ථාන රාශියක් ස්ථාපිත කර ජනතා අයිතියට පත් කිරීම මේ වන විට සිදුකර ඇත. එහි තවත් පියවරක් ලෙස අනුරාධපුර ගිරානේගම නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2021 ජූලි මස 26 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු විය. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත් මහතා සහභාගි විය.

බණ්ඩාරදූව නව පොලිස් ස්ථානය විවෘත කෙරේ.අම්පාර පොලිස් කොට්ඨාසයේ බණ්ඩාරදූව පොලිස් ස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ නව පොලිස් ස්ථානයක් ලෙස ජනතා අයිතියට පත් කිරීම 2021 ජූලි 22 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු විය.

කාර්තිව් නව පොලිස් ස්ථානය ජනතා අයිතියට පත් කෙරේ.අම්පාර පොලිස් කොට්ඨාසයට අයත් කාර්තිව් පොලිස් නව ස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” සංකල්පය යටතේ ඉදිවුණු පොලිස් ස්ථානයකි. එය ජනතා අයිතියට පත් කිරීම නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.ඩබ්.කේ. සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි 23 වන දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු විය.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444