covid ops

පොලිස්පතිතුමන් දුම්රියක ගැටීමෙන් දෙපා අහිමි වූ පොලිස් නිලධාරියාගේ සුවදුක් විමසයි.2018 අප්‍රේල් 28 දින පානදුර පිංවත්ත දුම්රිය ස්ථානයේදී ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියකට නැගීමට යාමේදී දුම්රියෙන් වැටී එම දුම්රියට හසුවීමෙන් දණ හිසට ඉහළින් දෙපා අහිමි වී මේ වන විට නාරහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන පොලිස් කොස්තාපල් 70579 දිනේෂ් විද්‍යා මදුරංග ද සිල්වා නිලධාරියාගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (2018 සැප්තැම්බර් 24) දින පොලිස් රෝහලේ සංචාරයක නිරත විය.

කොට්ඨාස භාර නිලධාරින් හා අධ්‍යක්‍ෂ වරුන් සදහා විශේෂ වැඩමුළුවක්.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ඨාස භාර නිලධාරින් හා අධ්‍යක්‍ෂවරුන් සදහා විශේෂ වැඩමුළුවක් 2018 සැප්තැම්බර් 22 දින ටාජ් සමුද්‍රා හොටලයේ දී පවත්වන ලදි.

U.S. Embassy Regional Security Officers Meets IGPMr. Jason Williams , Special agent , Regional Security Officer of U.S. Embassy for Sri lanka Visited Police Headquarters Colombo on 17th September 2018 and met the Inspector General of Police Mr. Pujith Jayasundara.

විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස්පති අධීක්‍ෂණයෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්.හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් තීරණය කරන ‍ලදී.

පොලිස්පතිතුමන්ගෙන් මත්ද්‍රව්‍ය පිටුදැකීම සම්බන්ධ ප්‍රජා වැඩමුළුවක්. මත්ද්‍රව්‍ය පිටුදැකීම සම්බන්ධව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2018 සැප්තැම්බර් 15 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත පොඩි ප්‍රදීපා ශාලා පරිශ්‍රයේදී පැවත්විණි.

පොලිස්පතිතුමන් පරිසර, නාවික සහ ජීවිතාරක්‍ෂක කොට්ඨාසයේ නිලධාරින් අමතයි.පරිසර ආරක්‍ෂණ, නාවික කොට්ඨාස සහ පොලිස් ජීවිතාරක්‍ෂක නිලධාරින් සදහා විශේෂ සාකච්ඡාවක් 2018 සැප්තැම්බර් 15 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ වාර්ථා කොට්ඨාස ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

පොලිස්පතිතුමන් දකුණු පළාතේ පොලිස් නිලධාරීන් හමුවෙයි.දකුණු පළාතේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි වලට විසඳුම් ලබාදීම, ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකාරීත්වය දකුණු පළාතතුළ නියාමනය කිරීම හා පොලිස් නිලධාරීන්ගේ සුභසාධන කටයුතු සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් 2018.09.14 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිගම නගර සභා ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

වික්‍රමාන්විත ලෙස දිවි පිදූ පොලිස් සැරයන් 69532 සුරංග ප්‍රදීප් නිලධාරියාගේ දරු පවුල් වෙනුවෙන් නිවසක්.මාතර නගරයේ ස්වර්ණාභරන වෙළඳසැලක් කොල්ල කෑමට පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් සිදු කල වෙඩි ප්‍රහාරයකට ලක්ව 2018 ජුනි 22 වන දින මිය ගිය පොලිස් සැරයන් 69532 වීරසිංහ නිලධාරියාගේ බිරිඳ සහ දරුවන් පදිංචිව සිටින මාතර පොලිස් වසමේ කිරින්දගේ වත්ත, ගොඩගම ලිපිනයේ පිහිටි නිවසෙහි ඉදිකිරීම් කටයුතු නිම කර එය වීරසිංහ නිලධාරියාගේ බිරිඳ වන සෞම්‍ය කුමාරි මහත්මිය වෙත ප්‍රදානය කිරීම 2018 සැප්තැම්බර් 14 වන දින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සුරතින් සිදු කරන ලදී.

ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරඟවලින් ජය හිමි කර ගත් පොලිස් ක්‍රීඩකයින් ඇගයේ.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී පවත්වනු ලබන පොදු හා මූල්‍ය කාරක රැස්වීම 2018 සැප්තැම්බර් 13 දින පොලිස් මූලස්ථානයේදී පවත්වන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444