covid ops

1ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරඟාවලියක් විනිශ්චය කිරීම සඳහා සහ තීරක කටයුතු සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරනු ලබන කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂකවරියක් වන ටී. නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය 2021 වසරේ ජපානයේ තෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියේ බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් කටයුතු කිරීම සඳහා තෝරාපත් කරගෙන ඇත.

83 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්.ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම මලල ක්‍රීඩා තරඟාවලියක් ලෙස ඉතිහාසයට එක්වන ශ්‍රී ලංකා පොලිස් මළල ක්‍රීඩා උළෙල පෙබරවාරි මස 26,27 සහ 28 යන තෙදින තුල බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලැබු අතර මෙම සුවිශේෂි මලල ක්‍රීඩා උලලේ සාමාප්ති උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය හා අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්‍ෂිතාව හා පාරිභෝගික සුභසාධක අමාත්‍ය සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මහතා, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සහභාගිත්වයෙන් 2020 පෙබරවාරි 28 වන දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

07ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරන ලද Vantage FA CUP – 2019 තරඟාවලිය, දිවයිනේ පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු තරඟමාලාව වන අතර, මෙම තරඟාවලිය 2019 මාර්තු මස ආරම්භ කර, දිවයින පුරා සිටින පාපන්දු කණ්ඩායම් 827කගේ සහභාගීත්වයෙන් පිළිමළුන් පිටු දැකීමේ පදනම මත පවත්වන ලදි.

ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් 94 වන වරටත් සංවිධානය කල 2019/2020 ජාතික ශූරතා බොක්සිං තරඟාවලියෙන්  ශ්‍රී ලංකා පොලිසියට ජයග්‍රහන රැසක්

ශ්‍රී ලංකා බොක්සිං සංගමය මගින් 94 වන වරට සංවිධානය කල 2019/2020 ජාතික ශූරතා බොක්සිං තරඟාවලිය 2020 ජනවාරි 21 වන දින සිට 24 වන දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්විනි.

ශ්‍රී ලංකා පොලිස් පාපන්දු කණ්ඩායම වැන්ටේජ් FA CUP 2019/2020 තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.tamil
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ FA CUP 2019/2020 පාපන්දු තරඟාවලියේ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කණ්ඩායම අතර තරඟය 2020 ජනවාරි 11 වන දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වණි.

01

tamil english

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ හයවැනි සතියේ තවත් තරඟයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම අතර 2020 ජනවාරි 10 වන දින රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

02tamil

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මගින් 68 වන වරටත් පවත්වනු ලැබූ ජීවිතාරක්ෂක ජාතික හා ප්‍රවීනයන්ගේ තරඟාවලිය 2019 දෙසැම්බර් 27 සහ 28 යන දෙදින තුළ කොළඹ එන්.සී.සී. පිහිණුම් තටාකයේදී හා ගල්කිස්ස වෙරළ තීරයේදී පවත්වන ලදී.

01tamil english

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ පස්වැනි සතියේ තවත් තරඟයක් CH&FC ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා පොලිසිය අතර 2020 ජනවාරි 03 වන දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

2019 ආසියානු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට ජාත්‍යන්තර කීර්තියක්.

2019 ආසියානු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා සංගමය මඟින් සංවිධානය කරනු ලැබු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙල 2019 දෙසැම්බර් 02 වන දින සිට 2019 දෙසැම්බර් 07 දින දක්වා මැලේසියාවේ කූචීන් නුවර පිහිටි සරවක් ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.

igp

C.D. Wickramaratne
Inspector General of Police

media

media briefing

1

sports news

special events1

w01

02

01

 


Emergency: 119,

IG's Help Desk
+94 11 2444480
+94 11 2444483

Police Headquartes:
+94 11 2421111

Child & Women Bureau:
+94 11 2444444